අපේ සේවා ගැන තොරතුරු

Windermere ගැන

Windermere යනු ගිනිකොන වික්ටෝරියාව පුරා කටයුතු කරණ, වඩාත්ම අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට තිබෙන ස්වාධීන ප්‍රජා සේවා සංවිධානයකි. අවුරුදු 150 කට වැඩි කලකට පෙර වූ අපේ ආරම්භයේ පටන්, අපි වඩා ශක්තිමත්, වඩා සබැඳි සහ උපකාරලාභී ප්‍රජාවක් නිමවීම සඳහා කටයුතු කලෙමු.

අපේ ප්‍රජාවේ ළමුන්, පවුල් සහ පුද්ගලයන් මුහුණදෙන බහුල සහ විවිධ සංකීර්ණ ගැටලු සඳහා හරි පිලියම් සොයාදීම පිණීස අපේ උපකාර විවිධ

ආකාර වලින් සපයනු ලැබෙ.

පහත සඳහන් මූළික අංශ තුල වැඩසටහන් සේවා සපයමින් වේලාසනින් උපකාර සැලසීම අපේ අරමුණයි:

  1. ධනාත්මක චර්යා වෙනස්කම්, වැඩිදුර අවබෝධය සහ ප්‍රචණ්ඩතාවයට සහ/හෝ පැහැර හැරීමට ප්‍රතිචාර දැක්වීම වර්ධනය සඳහා පවුල් ශුභසාධනය
  2. ළමා සුරැකුම සහ ඉගෙනීමේ ප්‍රමාදතා ඇති ළමුන්ට සහ වැඩිහිටියන් සඳහා ළමාවිය සංවර්ධනය, අධ්‍යාපනය සහ උපකාර
  3. ක්ෂතිය, අඩන්තේට්ටම් සහ/හෝ ප්‍රචණ්ඩ අපරාධ වල වින්දිතයන් සඳහා ආධාර, උපකාර
  4. උග්‍ර සහ මතුවෙන හදිසි අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීම පිනිස සැලසුම් කළ ප්‍රජාව ශක්තිමත් කිරීම

සමහර සේවාවන් සඳහා අපට ප්‍රාන්ත සහ ෆෙඩරල් ආණ්ඩු වලින් මුදල් ලබෙන නමුත්, අනෙකුත් සේවා සඳහා මුලු මුදල් සපයනු ලබන්නේ පරිත්‍යාගශීලීන් සහ අනුග්‍රාහකයන් විසිනි. අප ඔවුනට ඉතා කෘතවේදී වෙමු.

සෑම කෙනෙක්ම අපේ ප්‍රජාවේ වැදගත් කෙනෙක් බවට අප විශ්වාස කරණ අතර ඒ බව අප දිනපතා වැඩ කරණ අය කෙරෙහි අප දරන ප්‍රවේශයෙන් පිළිබිඹු කෙරේ.

ගිනිකොන වික්ටෝරියාවේ ස්ථාන ගණනාවක අප සේවය පිහිටා තිබේ.

වැඩි විස්තර සඳහා අප අමතන්න:

භාෂණ පරිවර්තක

ඔබට භාෂණ පරිවර්තකයෙක් අවශ්‍යනම්, අපට එම සේවය ලබා දීමට පුළුවන.

 

අපේ සේවා එළඹුම

අප කරණ සියළුම කටයුතු වල කේන්ද්‍රය ඔබට විශිෂ්ටතම ප්‍රතිඵල ලබා දීමය.

ඔබට වඩාත් වැදගත් වන්නේ මොනවාද යන්න හඳුනාගැනීමට සහ අවබෝධ කරගැනීමට අපි ඔබ සහ ඔබේ පවුල සමග සමීපව කටයුතු කරන්නෙමු.

ඔබ හා එක්ව, තාත්වික පුද්ගලික අරමුණු සහ ඉලක්ක වර්ධනය කරගැනීම පිණිස අපි හවුල් වෙන්නෙමු ෂ එම ඉලක්ක කරා ලං වීමට උපකාරී වීම පිණිස අපි ඔබේ පුද්ගලික ශක්තිමත්කම් සහ හැකියාවන් යොදා ගන්නෙමු.

ඔබටම කැපවුන එක් සේවකයකුගේ උපකාරය සහිතව ඔබට අපේ සමස්ත කණ්ඩායමේම ප්‍රවීණතා ලබා දෙනු ලැබේ. මෙම කණ්ඩායම ඔබේ ක්‍ෂණික සහ දිගු කාලීන අරමුණු අවබෝධ කරගන්නා අතරම ඊට ලඟා වීමට ඔබට උපකාරී වීමටද කැපවී සිටී.

අපේ ප්‍රායෝගික සහ සමබර එළඹුම හරහා ඔබේ සෞඛ්‍ය සහ ශුභසාධන අරමුණු ඵලදායී ලෙස සාක්ෂාත් කරගැනීම සහතික කිරීමට අපි කැපව සිටින්නෙමු.

ඔබට විශිෂ්ට ප්‍රතිඵල

අරමුණු

විකල්ප

පාලනය

 

අපේ සේවා සහ වැඩසටහන

ඔබට, ඔබේ පවුලට සහ ඔබේ ප්‍රජාවට වෙනසක් ඇතිකර දීම පිණිස වේලාසනින් ඉදිරිපත් වීමට අපි ඉලක්ක කර ගන්නෙමු. අපේ මූළික අංශ හරහා ප්‍රායෝගික මැදිහත්වීම සහ කාලෝචිත උපකාර ඇතුලුව, අපේ සේවා සහ වැඩසටහන් ඔබට අවශ්‍ය කරණ උපකාර ලබාදීම සඳහා නාභිගත කර ඇත.

 

සංවර්ධනය සහ මුල් ළමාවිය අධ්‍යාපනය

ආබාධිත සහ මුල් ළමාවිය මැදිහත් සේවා

ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙක් ආබාධිතව හෝ සංවර්ධන ප්‍රමාදයකට මුහුණ දී සිටී නම් ඔබට වඩාත්ම යෝග්‍ය ආධාර කවරේදැයි හඳුනා ගැනීමට උපකාර කිරීමට අපට පුළුවන. ඔබේ දිවියේ නියම වෙනස්කම් ඇතිකරණ පියවර අප එක්ව ක්‍රියාවට නංවන්නෙමු. නිසි අරමුණු පිහිටුවා ගැනීමටත්, ඒවා සාක්ෂාත් කර ගැනීම ආරම්භ කිරීමේ හොඳම මාර්ගය යොදා ගැනීමටත් අපි ඔබ, ඔබේ පවුල සහ ඔබේ ප්‍රජාව සමග පැත්තෙන් සිට කටයුතු

කරන්නෙමු. NDIS (ජාතික ආබාධිත රක්‍ෂණ වැඩසටහන) තේරුම් ගැනීමට සහ භාවිතා කිරීමටද ඔබට උදව් කිරීමට අපට පුළුවන.

නම්‍ය සහ නාභිගත උපකාර සහ උපකාරශීලී කාර්ය මණ්ඩළය තුලින් ඔබට වැඩි ස්වාධීන ජීවිතයක් කරා ලඟාවීමට උදව් දීමට අපට පුළුවන.

ළමා සුරැකුම් සේවා

එක් එක් පවුලේ ළමා සුරැකුම් අවශ්‍යතා වෙනස් ය. ඔබ සහ ඔබේ සහකරු/සහකාරිය දීර්ග පැය ගණනක් වැඩ කරණවා විය හැකිය. නැතහොත් ඔබ පවුලේ උදව් රහිත තනිකඩ දෙමාපියෙක් විය හැකිය. මධ්‍යස්ථාන-පාදක සුරැකුමට වඩා ඔබ කුඩා නිවස-පාදක කුඩා පවුල් දිවා සුරැකුම (Family Day Care) පරිසරයට කැමති වනවා විය හැකිය. ඔබේ ළමයාට විශේෂ අවශ්‍යතා හෝ අමතර අවධානය අවශ්‍ය කරණ අසාත්මිකතා තිබෙනවා විය හැකිය. ඔබේ සුවිශේෂ අවශ්‍යතාවය කුමක් වුවද, ඔබේ පවුලේ අවශ්‍යතාවයට ගැලපෙන ළමා සුරැකුම් විසඳුමක් අප ලඟ තිබෙ.

 

අර්බුද, අඩන්තේට්ටම් සහ ක්ෂතිය

අපරාධ, අඩන්තේට්ටම් හෝ ක්ෂතියේ බලපෑමට ලක්වීම දුෂ්කර සහ ව්‍යාකුල අත්දැකීමකි.

පහත පෙනෙන අපේ සේවාවන් මගින් ඔබට නැවත යථා තත්ත්වයට පත්වීමට උපකාර කරයි:

  • උපදේශන
  • කෙටි හෝ දිගු කාලීන නිවාස පහසුකම් ආධාර
  • ප්‍රායෝගික ආධාර (උදා. Victim Impact Statements {වින්දිත බලපෑම් ප්‍රකාශන}, Adult Parole Board {වැඩිහිටි කොන්දේසි මත මුදා හැරීමේ මණ්ඩලය} හො Victims of Crime Assistance Tribunal ධඅපරාධ වින්දිත ආධාර විනිශ්චය සභාව}) වෙත සැලකර සිටීම.
  • ඔබට මෙම තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට උපකාරී වන සුවිශේෂ වැඩසටහන

සමහර අවස්ථාවන් අධික වේදනාව සහ චිත්ත සන්තාපය ගෙනදෙන බව අපි දනිමුෂ නිසි පියවර නොගතහොත් මේ දේවල් දිගු කාලීන ගැටළු වලට තුඩු දිය හැකිය. – අපේ අරමුණ ඔබට ඔබේ ජීවිතය ආත්ම විශ්වාසය සහිතව ඉදිරියට ගෙනයා හැකි වන පරිදි ඔබට උපකාර කිරීමයි.

 

පවුල් ශුභසාධනය

ඔබට සහ ඔබේ පවුලට ගැටලු හෝ අමාරුකම් කළමනාකරණය කරගැනීම සඳහා අපි රහසිගතව උපකාර සපයන්නෙමු. මීට පහත දේ ඇතුලත් වෙ:

  • උපදේශන
  • දුෂ්කර චර්යා කළමනාකරණය
  • නිවාස සහ මුදල් පිලිබඳ ගැටලු සම්බන්ධව උපදෙස් සහ ප්‍රායෝගික ආධාර
  • තමන්ගේ ළමයින් සහ ඔවුන්ගේ සංවර්ධනයට බලපාන ප්‍රශ්න ඇති පවුල් සඳහා ආධාර
  • ඵලදායී මාපිය කටයුතු කුසලතා ගැන ඔබ සමග කටයුතු කිරීම
  • පවුල් ප්‍රචණ්ඩතා අවස්ථා වලදී ප්‍රතිචාර

අපේ මූළික අරමුණ ඔබ සහ ඔබේ පවුල එකිනෙකාට සම්බන්ධව සහ එකිනෙකා සමග සංවාදශීලීව පවත්වාගන යාමයි.

 

ප්‍රජාව ශක්තිසම්පන්න කිරීමේ වැඩසටහන්

අපේ කණ්ඩායම්-පාදක වැඩසටහන් සැළසුම් කර ඇත්තේ අපේ ප්‍රජාවේ අවශ්‍යතා සපුරාලිම සඳහාය.

ළමුන්ට ඔවුන්ගේ පවුල්, ප්‍රජාව සහ එකිනෙකා අතර ධනාත්මක ලෙස යහපත් තීරණ ගැනීමට උපකාරී වන පාසල් පාදක වැඩසටහන් ගණනාවක් අපි පවත්වන්නෙමු. විනෝදමත් පන්ති පරිසරයක් තුල අපේ වැඩසටහන් අද දවසේ ළමුන් මුහුනදෙන ගැටලු ගැන කතිකාවතක් පවත්වන්නෙමු. පහත දේ මීට ඇතුලත්ය:

  • මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර අධ්‍යාපනය
  • සයිබර් හිංසාව
  • පවුල් ප්‍රචණ්ඩතාව
  • ලිංග, ජීවන ශෛලිය, ජාතිය හෝ ආගම පාදක වෙනස්කම

කාංසාව, මත්ද්‍රව්‍ය අපහරනය සහ/හෝ මානසික සෞඛ්‍ය ගැටලු හා සම්බන්ධ ආතතියට ඵලදායී ලෙස මුහුණදීමේ උපාය මාර්ග ඉගැන්වීම සහ සියදිවි හානි කරගැනීමේ අවදානමට මුහුණ දෙන පුද්ගලයන් සමග සන්නිවේදනය කිරීම සඳහා අපි කණ්ඩායම් ශෛලියේ වැඩසටහන් ගණනාවක් පවත්වන්නෙමු.

අපේ ප්‍රජා ශක්තිමත් කිරීමේ වැඩසටහන් සඳහා මුදල් පිරිනමන්නේ අපේ ත්‍යාගශීලී දායක ප්‍රජාවයි. ඔවුන්ගේ ත්‍යාගය , රජයේ ආධාර නොලැබෙන අංශ හා සම්බන්ධ අපේ ප්‍රජාවේ සුවිශේෂ අවශ්‍යතා සපුරාලීමට අපට අවස්ධිව ලබා දෙයි.

අපේ සුවිශේෂ වැඩසටහන් සහ සේවාවන් සියල්ලම ගැන වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න Windermere.org.au/services

ඔබට භාෂණ පරිවර්තකයෙක් උවමනාද?

ඔබට ඉංගී්‍රසි තේරුම්ගැනීම අපහසුද?

ඔබට භාෂණ පරිවර්තකයෙක් නොමිලේ ලබාදීමට අපට හැකිය.

 

පවුල් දිවා සුරැකුම

පවුල් දිවා සුරැකුම ඔබට උචිතද?

ඔබ මධ්‍යස්ථාන-පාදක සුරැකුම වෙනුවට විකල්පයක් සොයනවා නම්, අපේ පවුල් දිවා සුරැකුම ඔබේ ළමයාට “‘නිවසෙන් පිට නිවසක’ සුනම්‍යතාවය පිරිනමයි. විධිමත් සහ අනියම් වේලාවල් වල පැවැත්වෙන (එනම් රාත්‍රියේ හෝ සමහර අවස්ථා වලදී සතිඅන්තයේ) පවුල් දිවා සුරැකුම ආකෘතික 9-5 රැකියා වල නිරත නොවන පවුල් සඳහා විශිෂ්ට විකල්පයක් විය හැකිය.

නිවාස-පාදක පසුබිම කුඩා සමූහ පරිසර වලට සහ තනි තනියේ අවධානයට රුචි ළමුන්ට ඉතාම යෝග්‍යය.මේ කුඩා සමුහ පසුබිම, ශික්ෂකයාට පුද්ගලික අවධානය ලබා දීමටත්, උත්තේජනීය සෙල්ලම්-පාදක ඉගෙනීමේ අත්දැකීම් පරාසයක් ලබාදීමටත් අවස්ථාව ලබා දෙයි. කාලයත් සමග මෙමගින් ඔබේ ළමයා සහ ඔවුන්ගේ ශික්ෂකයා අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට උපකාරී වේ. මෙය සමහර ළමුන්ගේ සංවර්ධනයේ සෑම පැතිකඩක්ම සඳහා වාසිදායක වෙ.

සමහර පවුල් තමන්ගේ පාසල් වයසේ සිබියන් සැවොම පාසල් වෙලාාවට පෙර සහ පසුත්, පාසල් නිවාඩු කාලයේත් එකට රැකවරණය ලැබීම අගය කරයි.

Windermere හි පිටිවහල, ඔබේ ශික්ෂකයා අසනීපව සිටී නම් හෝ නිවාඩු ගොස් ඇත්නම්, ඔබේ ළමයාට උචිත රැකවරණය ලබා දෙන බව සහතික කරයි.

සුනම්‍ය, මිල අඩු, පුද්ගල අවශ්‍යතා අනුව හැඩගැසුන

නිවාස-පාදක රැකවරණය

අපේ පවුල් දිවා රැකවරණය අවුරුදු 0 සිට 12 අතර ළමුනට විවෘත වන අතර එය පවත්වාගන යනු ලබන්නේ අපේ ඉස්තරම් මුල් ළමාවිය අධ්‍යාපන සහ රැකවරණ වෘත්තිකයන්ගේ නිවාස වලය.

සෑම ශික්ෂකයෙක්ටම අනුමත, ප්‍රතීත සැපයුම්කරුවෙක්ගේ පූර්ණ සහාය ලැබෙන බව දන්නා බැවින්, ඔබේ ළමයාගේ පුද්ගලික අවශ්‍යතා අනුව සැකසුන, සුනම්‍ය, ඉහල ප්‍රමිතියේ වැඩසටහනක් සැපයෙන බවට ඔබට සහතික වීමට පුළුවන.

ඔබේ ළමයා ස්ථාපනය කිරීමට කලින්, ඔබේ සුවිශේෂ අවශ්‍යතා මෙන්ම ළමයාගේ පෞරුෂත්වය සහ චිත්ත ස්වභාවයට ගැලපෙන ශික්ෂකයෙක් සමග ගැළපීම සහතික කරණු සඳහා අපි ඔබ සමග සමීපව කටයුතු කරන්නෙමු.

National Quality Framework (NQF, ජාතික තත්ත්ව රාමුව) යටතේ ප්‍රතීත සහ අනුමතය. NQF අනුකුලව පවුල් දිවා රැකවරණ සැපයීම සඳහා Windermere ආයතනය Australian Children’s Education & Care Quality Authority (ACECQF, ඔස්ටේ‍රිලියානු ළමා අධ්‍යාපන සහ රැකවරණ තත්ත්ව අධිකාරිය) විසින් අනුමත කර ඇත. අපේ උසස් ප්‍රමිතිය පවත්වාගන යාම පිණිස අප තෝරාගනු ලබන්නේ විශිෂ්ටතම ශික්ෂකයන් පමනි.

ඔබේ ගාස්තු අඩු කරගන්න

කිනම් සුරැකුම් විකල්පය ඔබ විසින් තෝරා ගත්තද, ප්‍රතීත සහ බලයලත් සැපයුම්කරුවෙක් ලෙසට Windermere විසින් Childcare Rebate (ළමා සුරැකුම් ප්‍රතිදානය) සහ Childcare Benefit (ළමා සුරැකුම් ප්‍රතිලාභය) ඇතුලු ඔබට සුදුසුකම් ඇති සියලුම රජයේ ප්‍රතිලාභ ගෙවීම් ඔබට ලබා දෙයි. රජයේ මුදල් ප්‍රතිලාභ ගැන වැඩි විස්තර Department of Human Services වෙත පිවිස ලබාගන්න.

ඔබේ පසුපෙවුම් අපි කැමැත්තෙන් භාර ගන්නෙමු

අප විසින් හොඳින් කළ කටයුත්තක් ගැන අපට ප්‍රශංසා කිරීමට හෝ අප විසින් වැඩිදියුණු කරගත හැකි යම් දෙයක් ගැන පැමිණිල්ලක් කිරීමට වුවද ඔබ කැමැත්තේ නම් එම පසුපෙවුම් අපේ සේවාවන් සහ පද්ධතීන් වැඩිදියුණු කර ගැනීම සඳහා අපට ඉතා වැදගත්ය

පැසසුමක් හෝ පැමිණිල්ලක් ඔබට මෙලෙස ඉදිරිපත් කිරීමට හැකිය:

  • අදාල සේවකයා සමග කෙලින්ම කතා කිරීම හෝ ඔවුන්ගේ සේවා කලමනාකාරු සමග කතා කිරීම
  • පැසසුම් සහ පැමිණිලි පහතින් බාගත කර අප වෙත තැපැල් කිරීම
  • අපේ පසුපෙවුම් කණ්ඩායමේ කෙනකු සමග 1300 946 337 දුරකථන අංකය අමතා කතා කිරීම.

 

අප අමතන්න

ප්‍රධාන දුරකථන අංකය: 1300 946 337

ප්‍රධාන කාර්යාලය

48 Webb Street Narre Warren

VIC 3805

දුරකථන: 1300 946 337

 

දකුණු මෙල්බර්න් නාගරික කාර්යාලය

48 Webb Street Narre Warren

VIC 3805

දුරකථන: 1300 946 337

 

Pakenham කාර්යාලය

මුල් අධ්‍යපන සහ සුරැකුම් සේවා ඨඔඔමඅහ ප්‍රජා මධ්‍යස්ථානය

18 Golden Green Street,

Pakenham VIC 3810

 

Gippsland කාර්යාලය

වින්දිතයන් සඳහා උපකාර සේවය

246 Commercial Road

Morwell VIC 3840

 

Warragul කාර්යාලය

ආබාධිත සහ මුල් ළමා මැදිහත්වීමේ සේවා

12 George Street

Warragul VIC 3820

 

Cranbourne කාර්යාලය

ළමුන් සඳහා ප්‍රජා සහ මුල් ළමා සංවර්ධන සේවා

75-81 Willora Crescent

Cranbourne VIC 3977

 

මුල් අධ්‍යපන මධ්‍යස්ථානය

Frankston මුල් අධ්‍යපන මධ්‍යස්ථානය

1A Holmes Street Frankston VIC 3199

දුරකථන : (03) 9784 5300